ඵලදායී සේවාවක් තුලින් තුලනාත්මක සංවර්ධනයක් ඇති කිරීම
යක්කලමුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සමස්ථ ජනතාවටම නිදහස්,නිවහල් දිවි පෙවෙතක් ගෙනයාම උදෙසා පොදු පහසුකම් ඇති කරමින්,වැඩි දියුණු කරමින් හා පවත්වාගෙන යමින් සෑම පුරවැසියෙකුටම මමය,මාගේය යන ආත්මාභිමානයෙන්යුතුව ජීවත් වීමට පහසුකම් සලසා දීම.
අභිමානවත් ඉතිහාසයකට උරුම කියන්නා වූ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය හා සුභ සාධනය සඳහා සුහදශීලී සේවාවක් ලබා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මාගේ ප්‍රධාන අරමුණයි.දිනෙන් දින සීග්‍ර වේගයෙන් දියුණු වන ලෝකය තුල තොරතුරු තාක්ෂණය ඉතා වැදගත්ම අංගයක් බවට පත්වී ඇත.
තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම හා ඵලදායීව අපගේ සියළුම මූලික සේවාවන් ඒ හරහා සැපයීම තුලින් ඔබගේ අවශ්‍යතාවයන් පහසුවෙන් හා අවම කාල සීමාවක් තුල ලබා දීම මා ඇතුළු කාර්ය මණ්ඩලයේ අභිප්‍රායයි.