අපගේ සේවා

Interactively procrastinate high-payoff content without backward-compatible data. Quickly cultivate optimal processes and tactical architectures. Completely iterate covalent strategic theme areas via accurate e-markets.

ඔබේ හඬ, අපේ ක්‍රියාවඅපගේ සේවාවන්

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව යක්කලමුල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය ප්‍රජාවට සේවය කිරීමට සහ සවිබල ගැන්වීමට කැපවී සිටී.
පුද්ගලයින්ගේ හෝ දේපලවලට අනතුරුදායක ගස් ඉවත් කිරීම

අනතුරුදායක ගස් ඉවත් කිරීමේ පියවර පහත පරිදි වේ:

  • ගස්වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා වන අයදුම්පත සම්පූර්ණ කිරීම.
  • පරිසර නිලධාරී/තාක්ෂණික සේවා නිලධාරී පරීක්ෂා කිරීම.
  • ඉන්පසු අනතුරුදායක ගස් හිමියන්ට දින 14ක් සඳහා පළමුවන නියෝගය නිකුත් කිරීම.
  • දින 07ක් සඳහා දෙවන නියෝගය නිකුත් කිරීම.
  • දින 03ක් සඳහා තෙවන නියෝගය නිකුත් කිරීම.

ගාස්තු අය කිරීම:

  • අනතුරුදායක ගස් සඳහා වන අයදුම්පත් ගාස්තුව: රු. 2000.00
  • නඩුවක් පවතින විට අයදුම්පත සඳහා ගාස්තුව: රු. 3000.00

පරීක්ෂණ ගාස්තු:

  • කොස්, දෙල්, නැදුන්, තේක්ක, බුරුත, මහෝගනී ගසක් සඳහා: රු. 2500.00
  • වෙනත් ගස් සඳහා: රු. 2000.00
  • පඳුරු සහිත ගස් සඳහා (ප්‍රමාණය අනුව):
    • 01 – 05 අතර: රු. 500.00
    • 06 – 10 අතර: රු. 900.00
    • 11 – 20 අතර: රු. 2000.00
    • 21 – 40 අතර: රු. 2500.00
    • 40ට වැඩි: රු. 3000.00
අනුකූලතා සහතික නිකුත් කිරීම

අනුකූලතා සහතිකය නිකුත් කිරීම සඳහා ගොඩනැගිලි අයදුම්පතම යොදාගන්නා අතර, අනුමත කරන ලද ගොඩනැගිලි සැලසුම් අනුව ගොඩනැගිල්ල සෑදීමෙන් පසු පදිංචිය සඳහා යෝග්‍ය බව සහතික කිරීම මෙහිදී සිදු වේ.

පියවර:

  • තාක්ෂණ නිලධාරී වාර්තාව ලද පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශය සඳහා ඉදිරිපත් කරයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශය ලද පසු අනුකූලතා සහතිකය අනුමත කිරීම ප්‍රාදේශීය සභා සභාපති සිදු කරයි. (දින 1-14ත් අතර කාලයක් ගතවේ)
කසළ බැහැර කිරීම

යක්කලමුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවිත්‍රතාවය සහ සනීපාරක්ෂාව පවත්වාගෙන යන පරිදි ප්‍රදේශයෙන් එක්රැස් වන කැළිකසළ විධිමත්ව බැහැර කිරීම සඳහා සේවකයන් සහ ට්‍රැක්ටර් යොදවා ඇත.

SPB_8875

කසල එකතු කිරීමේ සැලැස්ම

දිනය ස්ථානය වේලාව
සදුදා යක්කලමුල්ල නගරය,සති පොළ,අකුරැස්ස පාර සමූපකාරය,කොට්ටව ගාමන්ට්,ඉමදුව පාර හරීෂා හෝටලය,වැඩිහිටි නිවාසය,ඉසුරු උයන,වෙළන්දාව වත්ත කසළ බැහැර කරන ස්ථානය පෙ.ව 5.00 සිට ප.ව 1.45
අඟහරුවාදා සියලුම මාර්ග ආවරණය වන පරිදි පොලිතින් හා ප්ලාස්ටික් ඇතුළු නොදිරන කසල පෙ.ව 5.00 සිට ප.ව 1.45
බදාදා යක්කලමුල්ල නගරය,ගොනාමුල්ල,වැරැල්ලාන,තල්ගම්පල,කොට්ටව,නැවුංගල බෝධිය දක්වා මාකුඹුර,ඉමදුව පාර වෙළෙන්දාව වත්ත කසල බැහැර කරන ස්ථානය පෙ.ව 5.00 සිට ප.ව 1.45
බ්‍රහස්පතින්දා යක්කලමුල්ල නගරය,සිරිමෙවන ගම්මානය,කරාගොඩ,කොරහන,රතුගෙවත්ත,වලවෙ පන්සල අසල නිවාස,මිනුවන්දෙණිය හරහා වෙළෙන්දාව වත්ත පෙ.ව 5.00 සිට ප.ව 1.45
සිකුරාදා යක්කලමුල්ල නගරය,උඩුමලගල,නාකියාදෙණිය 18 පන්සල දක්වා,අකුලහේන සදගිරිතැන්න,විජයභූමි ගම්මානය,මාකුඹුර,ඉමදුව පාර වෙළෙන්දාව වත්ත පෙ.ව 5.00 සිට ප.ව 1.45
සෙනසුරාදා යක්කලමුල්ල නගරය,කොට්ටව ගාමන්ට්,ඉමදුව පාර වැඩිහිටි නිවාසය,ඉසුරු උයන,වෙළෙන්දාව වත්ත පෙ.ව 5.00 සිට ප.ව 1.45
  සෑම මසකම හතරවන සතියේ අඟහරුවාදා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය (සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි)  
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
  • අයදුම්පත් ගාස්තුව: රු. 750.00

අවශ්‍ය ලියකියවිලි:

  1. ගොඩනැගිලි සැලසුමේ පිටපත් – 03
  2. ඉඩම් සැලසුමේ පිටපත් – 01
  3. ඔප්පුවේ පිටපතක් – 01
  4. ජාතික හැඳුනුම්පතේ පිටපතක් – 01

පියවර:

  • සභාවට මුදල් ගෙවා අයදුම්පත ලබා ගත යුතුය.
  • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත ඉහත සඳහන් කරන ලද ලිපි ලේඛන අමුණා විෂය නිලධාරීට භාර දිය යුතුය.
  • ඉඩම් ප්‍රමාණය අනුව පෙරසරි ගාස්තු හා NBRO 10% ගෙවීමෙන් අනතුරුව තාක්ෂණ නිලධාරී අධීක්ෂණය අනුව නිර්දේශය ලබා දේ.
  • අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශය සඳහා ඉදිරිපත් කරයි.එම නිර්දේශය ලද පසුව එම නිර්දේශය මත හා NBRO සහතිකය මත ගොඩනැගිලි සැලැස්ම ප්‍රාදේශීය සභා සභාපති අනුමත කරනු ලබයි.
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම.
  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ සඳහා ඉල්ලුම් පත්‍රයට රු.100.00 ක ගාස්තුවක් අය කරනු ලැබේ.
  • නව පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේදී ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කිරීම සඳහා ගාස්තුවක් අය කෙරේ. ( රු.3000.00 ක් සහ රජයේ අනුමත බදු )
  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අළුත් කිරීමේදී ඉල්ලුම්පත නියමිත දිනට ප්‍රථම ඉදිරිපත් කරන ඉල්ලුම්කරුවන්ගෙන් පරීක්ෂණ ගාස්තු අය කිරීමක් සිදු නොකෙරේ.
  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තු ලෙස රු.4500.00 සහ රජයේ බදු මුදල් අය කෙරේ.

ඉල්ලුම්පත්‍රය සමඟ ලබාගතයුතු ලිපි ලේඛන,

කර්මාන්තය/ ක්‍රියාවලිය ඉල්ලුම්කරු විසින් පවත්වාගෙන යනු ලබන බවට හා ස්ථානයේ අයිතිය පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා පහත ලේඛන ඉල්ලුම්පත සමග ලබාගැනීම යෝග්‍ය වේ.

අ). ඉඩමේ අයිතිය

  1. රජයේ හෝ වෙනත් ආයතනයක් සතු ඉඩමක් නම් කර්මාන්ත භාවිතය සඳහා ඉඩම නිදහස් කිරීම පිළිබඳ ලේඛන.
  2. වෙනත් පුද්ගලයකුට අයත් ඉඩමක් නම් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ඔහු විසින් පැවරීම සිදු කරන ලද ලේඛන.
  • ඉල්ලූම්කරු සතු ඉඩමක් නම් ඒ බව තහවුරු කරන ලද ලේඛන.

ආ) ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී තිබේ නම් ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය

ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී නොමැති නම් කර්මාන්තය තමන් විසින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යන බවට සහතික කරන ලද ලේඛනයක් එනම් දිවුරුම් ප්‍රකාශන/ ග්‍රාම සේවක විසින් දෙන ලද සහතික ආදිය.

ඇ) අදාළ පළාත් පාලන ආයතනය වෙතින් ලබාගත් වෙළඳ බලපත්‍රය / අනුමත කරන ලද ගොඩනැගිලි සැලැස්මෙ පිටපතක් / අනුකූලතා සහතිකය හෝ ව්‍යාපාරය සම්බන්ධව පළාත් පාලන ආයතනයේ පවතින තොරතුරු පාදක කරගෙන නීතිමය වශයෙන් ගැටළු සහගත කර්මාන්තයක් නොවේ නම් අයදුම්පතට අදාළ ඉදිරි කටයුතු සිදු කල හැක.

ඈ). මීට අමතරව පළාත් පාලන ආයතනය විසින් අවශ්‍ය යැයි සලකන යම් අමතර ලේඛනයන්.ක ආදිය.

කසළ ප්‍රවාහනය.

මෙම සේවාව සඳහා හිමිකම් ඇති අතර, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ලිඛිත ඉල්ලීමක් සමඟ සභාපති / ලේකම් වෙත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය.

ගාස්තුව පිළිබඳ තීරණයක් අනුව, අදාළ සේවාව ලබා ගත හැකිය.

ප්‍රාදේශීය සභාවට අයත් අමරසිරි දොඩංගොඩ අනුස්මරණ ශාලාව කුලියට ලබා ගැනීම.
  • රැස්වීම් ශාලාව වෙන් කිරීම සඳහා රු.8000.00 ක ඇප තැන්පතු මුදලක් හා දිනකට රු.12000.00 ක මුදලක් ද අය කරනු ලැබේ.(ජලය,විදුලිය හා පුටු,ශාලා පහසුකම් සඳහා පමණක් අදාල වේ.)
  • රැස්වීම් සහ සම්මන්ත්‍රණ ආදිය සඳහා රැස්වීම් ශාලාව වෙන් කිරීමේදී,
  • පාසලක හෝ ආගමික කටයුත්තකට දිනකට රු.5000.00 ක් ද වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයකට දිනකට රු.6000.00ක මුදලක්ද අයකරනු ලැබේ.මෙම ගාස්තුව සඳහා ජලය හා විදුලිය,පුටු ශාලා පහසුකම් පමණක් අදාල වේ.
  • පුහුණු වීම් සඳහා පෙර දිනය ලබා ගන්නේ නම් රු.5000.00 ක මුදලක් හා රු.8000.00 ක ඇප තැන්පතුවක් තැබිය යුතුය.
  • ශබ්ද පරිපාලන පද්ධතිය ලබා ගැනීම සඳහා දිනකට රු.2000.00 ක මුදලක් සහ ප්‍රොජෙක්ටර් යන්ත්‍රය සඳහා පැය 01 කට රු.1000.00 ක අමතර මුදලක් අය කරනු ලැබේ.
  • ප්‍රවේශපත්‍ර අලෙවිකර පෙන්වන නාට්‍යක් හෝ සංගීත වැඩසටහනක් සඳහා රු.15000.00 අයකරනු ලැබේ.
SPB_8710
SPB_8713
SPB_8715
SPB_8720
ප්‍රාදේශීය සභාවට අයත් ක්‍රීඩාපිටි කුලියට ලබා ගැනීම.

සාමාන්‍ය කටයුත්තකදී, අවුරුදු උත්සව, ක්‍රීඩා තරඟ (පාසල් හැර) හා රැස්වීම් (සියලුම සැණකෙළි හා සංගීත ප්‍රසංග හැර)

ක්‍රීඩාංගනයේ නම බිම් බදු මුදල (දිනකට) ඇපතැන්පතු මුදල
යක්කලමුල්ල රු.5000.00 රු.15000.00
නාකියාදෙණිය රු.3500.00 රු.10000.00
වාඩියවත්ත රු.1000.00 රු.5000.00

ප්‍රවේශ පත්‍ර අයකර පෙන්වන සංගීත ප්‍රසංගයකදී, සංදර්ශයකදී, සැණකෙළියකදී

ක්‍රීඩාංගනයේ නම බිම් බදු මුදල (දිනකට) ඇපතැන්පතු මුදල
යක්කලමුල්ල රු.12500.00 රු.15000.00
නාකියාදෙණිය රු.10000.00 රු.10000.00
වාඩියවත්ත රු.7500.00 රු.5000.00

නොමිලයේ පෙන්වන සංගීත ප්‍රසංගයකදී, සංදර්ශනයකදී, සැණකෙළියකදී

ක්‍රීඩාංගනයේ නම බිම් බදු මුදල (දිනකට) ඇපතැන්පතු මුදල
යක්කලමුල්ල රු.12500.00 රු.15000.00
නාකියාදෙණිය රු.10000.00 රු.10000.00
වාඩියවත්ත රු.7500.00 රු.5000.00

වෙළද ප්‍රචාරණ කටයුත්තක දී

ක්‍රීඩාංගනයේ නම බිම් බදු මුදල (දිනකට) ඇපතැන්පතු මුදල
යක්කලමුල්ල රු.12500.00 රු.15000.00
නාකියාදෙණිය රු.10000.00 රු.10000.00
වාඩියවත්ත රු.7500.00 රු.5000.00
ප්‍රදේශයේ ජනතාවගේ මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම.

යක්කලමුල්ල ප්‍රාදේශීය සභා සීමාව තුළ ජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් ස්ථානීය පරීක්‍ෂණ පවත්වා මහජනතාව මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම සිදු කරනු ලබයි.

වීථි පහන් නඩත්තු කිරීම

වීථි පහන් සවිකිරීමේදී ලිඛිතව මෙන්ම වාචිකව කරන ඉල්ලීම් පිළිබඳවඳ යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව මගින් නිසි සැලකිල්ලක් දක්වනු ලබයි.

අදාහනාගාර සහ සුසාන භූමි සේවය

ආදාහනාගරයේ මෘත ශරීර ආදාහනය සඳහා වන ගාස්තු,

  • අයදුම්පත්‍ර ගාස්තු          රු.250.00

ආදාහනය කිරීමේ ගාස්තු,

  • බලප්‍රදේශය තුල රු.10000.00
  • බලප්‍රදේශයෙන් පිට රු.13000.00

නාකියාදෙණිය සුසාන භූමියේ නාකියාදෙණිය ග්‍රාම සේවා වසම තුල පදිංචි අයට පමණක් මෘත ශරීරයක් ,

  • තැන්පත් කිරීම සඳහා මුදල රු.50000.00
  • අයදුම්පත් ගාස්තු   රු.2000.00

නාකියාදෙණිය සුසාන භූමියේ නාකියාදෙණිය ග්‍රාම සේවා වසම තුල පදිංචි අයට පමණක් මෘත ශරීරයක් ,

  • මිහිදන් කිරීම සඳහා රු.5000.00
  • අයදුම්පත්‍ර ගාස්තු   රු.250.00

නාකියාදෙණිය ග්‍රාමසේවා වසමෙන් පිටත ඉඩම් නොමැති අයගෙන් ලැබෙන ඉල්ලීම් පදනම් කරගෙන මිහිදන් කිරීම සඳහා ගාස්තු රු.10000.00

1
2
3
4
5
6
8
7
9
කොට්ටව නාන තටාකය වෙන් කරවා ගැනීම

කොට්ටව නාන තටාකය සඳහා පහත පරිදි ගැස්තු අය කරනු ලබයි.

  • එක් පුද්ගලයෙකුට පැය 01 ක් සඳහා
    • වැඩිහිටි (අවු: 12 ට වැඩි): රු. 150.00.
    • ළමා: රු. 50.00.
    • විදේශීය පුද්ගලයෙකුට: රු. 500.00
  • තටාකය වෙන් කිරීම සඳහා
    • තටාකය එක් දිනකට වෙන් කිරීම සඳහා : රු. 20,000.00
  • විශේෂ උත්සව කාලයන්හි තටාකය වෙන් කිරීම සඳහා,
    • සිංහල අළුත් අවුරුදු අප්‍රේල් 12 වන දා සිට සතියක කාලයක් දිනකට රු.30 000.00 ක මුදලක් අය කරනු ලැබේ.
    • නත්තල් සඳහා දෙසැම්බර් 24 සිට සතියක කාලයක් දිනකට රු.30000.00 ක මුදලක් අය කරනු ලැබේ.

සැ.යු :-සෙනසුරාදා,ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හි තටාකය වෙන් කිරීම සිදු කරනු නොලැබේ.

1
2
4
5
6
8
9
10
3
7
යක්කලමුල්ල ප්‍රාදේශීය සභා පෙරපාසල් සඳහා බඳවා ගැනීම

සෑම වර්ෂයකම අගෝස්තු මස 01 දින සිට දෙසැම්බර් 01 දක්වා අයදුම්පත් කැඳවන අතර එක් පෙර පාසලක් සඳහා බඳවා ගනු ලබන්නේ දරුවන් 25ක් පමණි.

අයදුම්පත් ලැබුන පසු සම්මුඛ පරීක්ෂණයක් පවත්වා උපරිම සුදුසුකම් සම්පූර්ණ කරනා පළමු දරුවන් 25 දෙනා බඳවා ගනු ලැබේ.

සම්මුඛ පරීක්ෂණය සඳහා,

  • පෙර පාසල් ආසන්න පදිංචිය,
  • ආදායම් තත්ත්වය,
  • ආදි ශිෂ්‍ය පදනම.

*අයදුම්පත් ගාස්තු හා ඇතුලත්වීමේ ගාස්තු පවත්නා වර්ෂයේ අයවැය ලේඛනයේ සංශෝධනයන් මත වෙනස් වේ.

ජල බවුසරය සහ ජල ටැංකිය කුලියට ලබා ගැනීම

 

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව සතු ලීටර 3000 ක ජල පරිමාවක් ඇති ජල බවුසරය සඳහා  පහත සඳහන් පරිදි ගාස්තු අය කෙරේ.

  • ජලය සහිතව රු.3500.00 ක් ද
  • ජලය රහිතව රු.2000.00 ක් ද අය කරනු ලැබේ.
  • ජල බවුසරය ජලය රහිතව හෝ සහිතව ඇප තැන්පතු මුදල රු.2500.00 කි.
  • අමතරව වැඩිවන එක් දිනක් සඳහා රු.500.00 ක මුදලක් අයකරනු ලැබේ.

මීට අමතරව ප්‍රවාහන ගාස්තු ලෙස,

  • සභා බල ප්‍රදේශය තුල රු.1000.00
  • සභා බල ප්‍රදේශයෙන් පිටත රු.3000.00

ලිටර 1000 ක සහ 2000 ක ජල ටැංකිය වෙන් කරවා ගැනීම

  • ජලය නොමැතිව ටැංකිය පමණක් දිනකට රු.750.00
  • අමතරව තබා ගන්නා එක් දිනක් සඳහා රු.50.00

ජල ටැංකිය ලබා දීමේදී නැවත නිදහස් කරනු ලබන ඇප තැන්පතුව සඳහා රු.1000.00 ක මුදලක් ගෙවිය යුතුය.

ටොන් 08ක ගල් රෝල කුලියට ලබා ගැනීම
  • එක් දිනයක් සඳහා රු. 00 ක මුදලක් සහ ඉන් අනතුරුව වැඩිවන සෑම පැයකටම රු. 2000.00 ක ගාස්තුවක් අය කරනු ලැබේ. (එක් දිනකට පැය 08 ක් අදාළ වේ.)
  • ඒ සඳහා නැවත නිදහස් කරනු ලබන ඇප තැන්පත් මුදලක් ලෙස බල ප්‍රදේශය තුළ රු. 10000.00 ක ඇප තැන්පත් මුදලක් අය කරනු ලැබේ. (කිලෝමීටර් 10ට වැඩි දුරක් රැගෙන යාමේදී රු.15000.00 ඇප තැන්පතු මුදලක් අයකරනු ලැබේ.)
  • ගල් රෝල කාර්මික දෝෂයක් හෝ රියදුරුවරයෙකු නොමැති අවස්ථාවක හැර මුදල් ගෙවා ලබා ගන්නා දින ගණනට අමතරව වැඩ බිමෙහි රඳවා ගන්නා එක් දිනක් සඳහා රු. 2000.00 ක මුදලක් අය කරනු ලැබේ.

ගල් රෝල ප්‍රවාහනය සඳහා පහත පරිදි ගාස්තු අය කරනු ලැබේ,

  • කි.මී 00 සිට 05 ඇතුළත ප්‍රවාහනය සඳහා රු. 4000.00
  • කි.මී 05 ඇතුළත පමණක් ඉහත ගාස්තු යටතේ ප්‍රවාහනය සභාව විසින් සිදු කරනු ලබන අතර ඊට වැඩිවන අවස්ථාවලදී ප්‍රවාහන පහසුකම් තමා විසින් සපයා ගත යුතුය.
තොරතුරු දැනගැනීම පනත යටතේ තොරතුරු ලබා ගැනීම

තොරතුරු දැනගැනීමේ අයිතිය ලිපි හසුරුවන නිලධාරියාගේ

  • නම – පී.පී.සී.ජානකී මිය
  • දුරකථන අංකය – 091 2286075

නම්කරන ලද නිලධාරියා,

  • නම – එස්.ජී.නිරෝෂා සමරවික්‍රම
  • දුරකථන අංකය – 076 7074032
ප්‍රචාරක දැන්වීම් පුවරු සඳහා අනුමැතිය ලබා ගැනීම
  1. බිත්තියක හෝ පුවරුවක ප්‍රදර්ශනය කරනු ලබන (චිත්‍රපට දර්ශන ප්‍රචාරක දැන්වීම් හැර) ඕනෑම ප්‍රචාරක දැන්වීම් සඳහා සෑම වර්ග මීටරයකටම රු.550.00
  2. ලෑල්ලක් හෝ අධාරකයක් හෝ බැනරයක් මගින් ප්‍රදර්ශනය කරනු ලබන (චිත්‍රපට දර්ශන ප්‍රචාරක දැන්වීම් හැර)ඕනෑම දැන්වීමක් සඳහා වර්ග මීටරයකටම රු.550.00
  3. චිත්‍රපට දර්ශන ප්‍රචාරය සඳහා ප්‍රදර්ශනය කරන දැන්වීමක් සඳහා සෑම වර්ග මීටරයකටම   රු.435.00
  4. බිත්තියක හෝ පුවරුවක හෝ ලෑල්ලක ආධාරකයක් මගින් ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රදීප්ත දැන්වීමක් සඳහා සෑම වර්ග මීටරයකටම රු.550.00
  5. තාවකාලික දැන්වීම් පුවරුවක් සඳහා වර්ග අඩියකට රු.10.00
  6. තවද,බිත්තියක හෝ පුවරුවක ප්‍රදර්ශනය කරනු ලබන ස්ථිර ප්‍රචාරක දැන්වීමක් සඳහා එක් වර්ෂයකට වර්ග මීටරයකට රු.4350.00 ක මුදලක් අය කරනු ලැබේ.
  7. ස්ථාවර දැන්වීම් පුවරුවක් සඳහා වර්ග අඩියකට රු.100.00
වෙළඳ බලපත්‍ර ලබා ගැනීම
  • හෝටල් ,ආපන ශාලා, මල් ශාලා ,රසකැවිලි නිශ්පාදන ,බේකරි ආදී ව්‍යාපාර වලට ලබාදෙනු ලබයි.
  • අයදුම්පත්‍රය ලබාගෙන ව්‍යාපාර හිමිකරු විසින් සම්පූර්ණ කර ප්‍රාදේශීය සභාව වෙත ලැබීමට සැලැස්විය යුතුය.
  • ආදායම් පරීක්ෂක,විෂය ලිපිකරු පරීක්ෂාවෙන් පසු ලේකම්ගේ නිර්දේශයෙන් අනුමැතිය සඳහා සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලයට යවනු ලබයි.
  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අනුමැතිය ලැබුණු පස් අදාල වෙළඳ බලපත්‍ර ගාස්තුව ප්‍රාදේශීය සභාව වෙත ගෙවීමෙන් පසුව වෙළඳ බලපත්‍රය නිකුත් කරනු ලබයි.
ව්‍යාපාර හා කර්මාන්ත බලපත්‍ර ලබා ගැනීම
  • ප්‍රදේශයේ සියලුම කර්මාන්ත හා ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන හිමිකරුවන් විසින් මෙම අයදුම්පත්‍රය සම්පූර්ණ කර ප්‍රාදේශීය සභාවට ලබාදිය යුතුය.
  • ඉන්පසු ආදායම් පරීක්ෂකගේ පරීක්ෂාවෙන් පසු ලේකම් අනුමැතිය ලැබේ.
  • වාර්ෂිකව ගෙවිය යුතු කර්මාන්ත හා ව්‍යාපාර බදු ගාස්තුව ලිපි මගින් දැනුම් දෙනු ලැබේ.
  • අදාල ගාස්තුව ගෙවීමෙන් පසු ව්‍යාපාරය පවත්වාගෙන යාමට නීතිමය අවසර හිමි වේ.
කොඩිකණු / කොන්ක්‍රීට් මෝල්ඩ් / කොන්ක්‍රීට් යන්ත්‍රය කුලී පදනම යටතේ ලබා දීම

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව සතු කොඩි කණු බදු දීම සඳහා 2026 ජනවාරි මස 01 දින සිට පහත පරිදි ගාස්තු අය කෙරේ.

සභාව සතු කොඩි කණු කුලියට දීමේ දී දිනකට කොඩි කණුවක් සඳහා රු. 30.00 ක ගාස්තුවක් අය කරනු ලැබේ.

ඊට අමතරව කොඩි කණු සඳහා පහත පරිදි නැවත නිදහස් කරනු ලබන තැන්පතු මුදලක් තැබිය යුතුය.

  • කණු 01 සිට 05 දක්වා තැන්පතු මුදල – රු. 1000.00
  • කණු 06 සිට 10 දක්වා තැන්පතු මුදල – රු. 2500.00
  • කණු ගණන 10 ට වඩා වැඩිවන විට තැන්පතු මුදල – රු. 5000.00

ප්‍රවාහන ගාස්තුව

  1. කි.මී. 00 සිට 05 ඇතුළත ප්‍රවාහනය සඳහා – රු. 1750.00
  2. කි.මී. 06 සිට 10 ඇතුළත ප්‍රවාහනය සඳහා – රු. 2250.00
  3. කි.මී. 11 සිට 20 ඇතුළත ප්‍රවාහනය සඳහා – රු. 2750.00
  4. කි.මී. 20 ට වැඩිවන සෑම කි.මී. සඳහාම රු. 80.00 ක ගාස්තුවක් අය කරනු ලැබේ.

කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය බදු දීම සඳහා

  • කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය එක් දිනක් සඳහා ලබා ගැනීමට රු. 3000.00
  • කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය කුලියට දීමේ දී රු. 3000.00 ක නැවත නිදහස් කරනු ලබන තැන්පතු මුදලක් තැබිය යුතුය.

ප්‍රවාහන ගාස්තුව ඉහත පරිදිම අදාළ වේ.

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව සතු කොන්ක්‍රීට් Mould 14 ක් 2026.01.01 සිට බදු දීම සඳහා පහත පරිදි ගාස්තු අය කෙරේ.

  • දිනකට කොන්ක්‍රීට් Mould 01 ක් සඳහා රු. 500.00 ක මුදලක් අය කරනු ලැබේ.
  • අමතරව වැඩිවන එක් දිනක් සඳහා කාලයකට රු. 500.00

ඒ සඳහා පහත පරිදි නැවත නිදහස් කරනු ලබන තැන්පතු මුදල් අය කරනු ලැබේ.

  • Mould 01-05 දක්වා තැන්පතු මුදල රු. 2000.00
  • Mould 05 ට වැඩිවන විට මුදල රු. 4000.00
නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම

දිනපතා ආයුර්වේද මධ්‍යස්ථානයේ සේවාව ලබා ගැනීමට පහසුකම් සපයා ඇත.

NBRO අනුමැතිය ලබා ගැනීම

අයදුම්පත්‍ර ගාස්තුව – රු.25.00

අවශ්‍ය ලිපි ලේඛන,

ඉඩම් සැලැස්ම අනුමත කිරීම සඳහා,

  1. ඔප්පුවේ පිටපත් – 01
  2. ඉඩම් සැලැස්මේ පිටපත් – 01
  • ජාතික හැඳුනුම්පතේ පිටපත් – 01
  1. ඉඩම් ප්‍රමාණය අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට මුදල් ගෙවන ලද බැංකු රිසිට්පත.

ගොඩනැගිලි සැලැස්ම අනුමත කිරීම සඳහා ,

  1. ඔප්පුවේ පිටපත් – 01
  2. ඉඩම් සැලැස්මේ පිටපත් – 01
  • ගොඩනැගිලි සැලැස්මේ පිටපත් – 01
  1. ජාතික හැඳුනුම්පතේ පිටපත් – 01
  2. ඉඩම් ප්‍රමාණය අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට මුදල් ගෙවන ලද බැංකු රිසිට්පත.

පියවර

  • සරප්ට මුදල් ගෙවා අයදුම්පත ලබා ගත යුතුයි.
  • නිවැරිදිව සම්පූර්ණ කරන ලද අයදුම්පතට ඉහත සඳහන් කරන ලද ලිපිලේඛන අමුණා විෂය නිලධාරීට භාර දිය යුතුයි.
  • ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරී විසින් එම අයදුම්පත අනුව ස්ථානීය පරීක්ෂණයක් සිදු කර භූමි යෝග්‍යතා සහතිකයක් අප සභාව වෙත එවනු ලබයි.

(දින 01-30 ත් අතර කාලයක් ගත වේ.)

ගොඩනැගිලි සීමා සහතිකයක් සහ නොපරවා ගැනීමේ සහතිකයක් ලබා ගැනීමේ අයදුම්පත
  • අයදුම්පත්‍ර ගාස්තුව – රු. 500.00
  • පරීක්ෂණ ගාස්තුව – රු. 1000.00

අවශ්‍ය ලිපි ලේඛන:

  1. ඔප්පුවේ පිටපතක් – 01
  2. ඉඩම් සැලැස්මේ පිටපතක් – 01

පියවර:

  • සභාවට මුදල් ගෙවා අයදුම්පතක් ලබා ගත යුතුයි.
  • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පතට ඉහත සඳහන් කරන ලද ලිපිලේඛන අමුණා විෂය නිලධාරීට භාර දිය යුතුයි.
  • තාක්ෂණ නිලධාරී අධීක්ෂණයෙන් පසු නිර්දේශය ලබාදෙන අතර, ඉන් පසු ලේකම් විසින් සහතිකය නිකුත් කිරීම සුදුසු බවට අත්සන් කිරීමෙන් පසු සභාපතිතුමා අනුමැතිය ලබාදෙන අතර, ලේකම් හෝ සභාපති සහතිකය අත්සන් කරනු ලබයි.
  • (දින 1-5 ත් අතර කාලයක් ගතවේ)
ඉඩම් අනුබෙදුමක් අනුමත කර ගැනීම
  • අයදුම්පත් ගාස්තුව – රු. 750.00

අවශ්‍ය ලිපිලේඛන:                       

  • ඉඩම් සැලැස්මේ මුල් පිටපත
  • මිනින්දෝරුවකු විසින් සත්‍ය පිටපතක් කරන ලද ඉඩම් සැලැස්මේ පිටපත් – 03
  • ඔප්පුවේ පිටපතක් – 01
  • අදාළ සැලැස්ම උපයෝගී මුල් සැලැස්මේ පිටපත් – 01
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක් – 01

පියවර:

  • සභාවට මුදල් ගෙවා අයදුම්පත ලබා ගත යුතුයි.
  • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පතට ඉහත සඳහන් කරන ලද ලිපිලේඛන අමුණා විෂය නිලධාරීට භාර දිය යුතුයි.
  • ඉඩමේ ප්‍රමාණය අනුව NBRO 10% ගාස්තුව ස්ථාවර ගාස්තුව හා පරීක්ෂණ ගාස්තුව ගෙවිය යුතුයි.
  • තාක්ෂණ නිලධාරී නිර්දේශ මත හා NBRO සහතිකය මත ප්‍රා.ස.සභාපති විසින් ඉඩම් සැලසුම් අනුමත කරනු ලබයි.
  • කට්ටි කරනු ලබන ඉඩමක් අනුමත කර ගැනීම සඳහා ඉහත අයදුම්පතම භාවිතා කරනු ලබන අතර, ඊට අදාළ ලිපි ලේඛනම අදාළ වන අතර ඉඩම් ප්‍රමාණය අනුව පරීක්ෂණ ගාස්තු හා ස්ථාවර ගාස්තු NBRO 10% සභාවට ගෙවිය යුතුයි.
  • විකුණුම් මිලෙන් 1% ක් සභාවට ගෙවිය යුතුයි. පොදු කටයුතු සඳහා වෙන් කර ඇති ඉඩම් කොටස ලියාපදිංචි ඔප්පුවක් මගින් ප්‍රා.ස. වෙත පැවරිය යුතුයි.
  • සියලුම ඉඩම් කොටස් සඳහා විදුලිය හා ජල පහසුකම් ලබාදීම සිදු කළ යුතුයි.

(දින 01-30 ත් අතර කාලයක් ගත වේ)